ඉදිරියටත් ඉන්දියාවෙන් බිත්තර

December 19, 2023 - 1:15 PM

ඉන්දියාවෙන් තවදුරටත් බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වන විට දේශීය වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනටමත් නිර්දේශ කර ඇති ඉන්දියානු ගොවිපළවලින් තවදුරටත් බිත්තර ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

මීට පෙර අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියට අනුව ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර මෙම වසර අවසානයට පෙර තවත් බිත්තර මිලියන 18ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති.
(lknews.lk)