කොටස් වෙළදපොළ ඒකක 97.84කින් ඉහළට

December 18, 2024 - 6:45 PM
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 97.84කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,614.30ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6ක් ලෙස සටහන් වී තිබෙනවා.

(lknews.lk)