වර්ජනය අවසන් - හෙට සිට දුම්රිය ධාවනය සුපුරුදු ලෙස

June 10, 2024 - 3:08 PM
වැඩවර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරන් පවසනවා.

ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වැඩවර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් අතර සාකච්ඡාව සාර්ථකවීමෙන් පසුවයි.

වැඩ වර්ජනය අවසන් වුවද අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට පත් නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හෙට (11) උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය අතට පත් වනු ඇති බව වැඩිදුරටත් සඳහන්.

(lknews)