ඇමරිකාවෙන් ඊශ්‍රායලයට දැඩි චෝදනා

May 11, 2024 - 12:02 PM
ඊශ්‍රායලය ඇමරිකානු අවි භාවිතා කරමින් ගාසා තීරයේ මානුෂීය නීති කඩ කර ඇති බව ඇමරිකානු රජය පවසනවා.

එක්සත් ජනපදයෙන් සපයන ලද ආයුධ ඊශ්‍රායලය නොගැළපෙන ආකාරයෙන් භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට අසාමාන්‍ය යුදමය අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බව ද ඇමරිකානු රජය පවසා තිබෙනවා.

(lknews)