දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක්

August 03, 2024 - 10:16 AM
දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් අද (03) අලුයම රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Mindanao දූපතට නැගෙනහිරින් පිහිටි Barcelona ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් සහ  කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකර ඇති බවද එම වාර්තාවල සඳහන්.
 
(lknews)