අද රාත්‍රියේ ප්‍රබල අකුණු

October 17, 2023 - 5:45 PM
අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති වීමේ ප්‍රවණතාවක් ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(lknews.lk)