කැලණියේ සිසුන් විරෝධතාවයක

March 25, 2024 - 11:48 AM
කැලණිය විශ්ව විද්‍යාලය තුළ සිසුන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අද (25) අලුයම නේවාසිකාගාරයක් තුළ දී සිසුවෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්.

එම සිසුවා රෝහලට රැගෙන යන විට මරණයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

සිසුන් පවසන්නේ, නේවාසිකාගාරය භාර පරිපාලන නිලධාරියාගේ නොසැළකිලිමත් බව හේතුවෙන් මෙය සිදු වූ බවයි.
(lknews.lk)