බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට

January 03, 2024 - 2:58 PM

වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් සේවාවන් භාවිතයට ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීමද එම නිවේදනයට අනුව අනිවාර්යය වනු ඇති.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන් වනවා.
(lknews.lk)