ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් ප්‍රමාණය ගැන රතු එළියක්

November 10, 2023 - 10:16 AM
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩාවල පවත්වාගෙන යන ඉන්ධන තොග ප්‍රමාණවත් නොවන බව කෝප් කමිටුව පෙන්වා දෙනවා. 

කෝප් කමිටුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා, තෙල් සංස්ථාවේ පරිපාලන අකාර්යක්ෂමතා සහ අක්‍රමිකතා රැසක් හෙළිදරව් කරගෙන තිබෙනවා. 
 
මෙම රැස්වීමේදී විගණකාධිපතිවරයාගේ වාර්තා සහ 2020 සහ 2021 වසර සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් කාර්ය සාධනය විමර්ශනය කර තිබුණා. 
 
තොග සම්බන්ධයෙන් කළ විමසීමකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියා පවසා ඇත්තේ රටේ හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 60,000ක සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 45,000ක තොගයක් තෙල් සංස්ථාවේ ගබඩාවල පවත්වාගෙන යන බවයි.
(lknewws.lk)