මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

November 30, 2024 - 2:14 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අඹන්පොළ පොලිස් වසමේ නෙකුන්නෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අඹන්පොළ පොලිස් වසමේ නිලධාරීන් කණඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් වන අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)