හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට

December 02, 2024 - 11:53 AM
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 450ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 56ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

(lknews.lk)