හෙරෝයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

April 08, 2025 - 10:08 AM
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ග්‍රෑන්ෆාස් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 160ක් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 41ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


(lknews.lk)