අයිස් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

September 09, 2024 - 10:40 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 520ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ පිළිබඳ ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබනවා.


(lknews)