කොකෙන් සහ උන්ඩියල් මුදල් සමග සැකකරුවෙක් දැලේ

December 03, 2023 - 12:23 PM

කොකේන් මත්ද්‍රව්‍ය සහ උන්ඩියල් ආකාරයට හුවමාරු කරගන්නා ලද අමෙරිකානු ඩොලර් 9,400 ක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ මරදාන ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදීයි.

අදාළ සැකකරු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන, දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරතව සිටින සුවන්දා හෙන්නදිගේ සමීර නිශාන්ත යන අයගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයා බවටයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු මරදාන ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 23 ක් වන අතර මෝටර් රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා බවට සැකකෙරෙන ලද මුදල් රුපියල් 164,500.00 ක් හා ජංගම දුරකථන 02 ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා.
(lknews.lk)