අත්හිටවූ ජල සැපයුම මධ්‍යම රාත්‍රියේ යථා තත්ත්වයට

June 17, 2024 - 8:58 PM
කලටුවාව ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ පිපිරීමෙන් අත්හිටවූ ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට යථා තත්වයට පත්කර හැකි බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ගොඩගම, පන්නිපිටිය, රුක්මල්ගම, හෝමාගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුමෙන් බාධා එල්ල වී තිබෙනවා.

(lknews)