අත්හිටවූ වාර විභාග හෙට සිට

March 05, 2024 - 10:56 AM

විභාගය පැවැත්වීමට පෙර ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව නව ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීමෙන් පසු හෙට දිනයේ සිට අදාළ ශ්‍රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(lknews.lk)