පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ වෙයි

December 10, 2024 - 4:30 PM
ණය පැහැර හරින ව්‍යාපාරිකයන්ගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීමට පනවා තිබෙන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු 31 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක කිරීම මෙම වසරේ දෙසැම්බර් 15වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා.

ඒ පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායකයින් මුහුණ පා සිටින දුෂ්කරතාවන් හේතුවෙන්.

(lknews.lk)