T20 WC 2024 | ඇෆ්ගනිස්ථානයේ ලොකුම බලාපොරොත්තුවක් නැති වෙයි

June 15, 2024 - 3:43 PM
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ දක්ෂම පන්දු යවන්නෙකු වන Mujeeb Ur Rahman 2024 T20 ලෝක කුසලානයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහුගේ පන්දු යැවීමේ අතේ දබර ඇඟිල්ලේ උළුක්කුවක් ඇති වීම හේතුවෙන්.

ඔහු වෙනුවට ආරම්භක පිතිකරුවෙකු වන Hazratullah Zazai ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු වටයේ ක්‍රීඩා කළ තරග 3ම ජයග්‍රහණය කරමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.  

(lknews)