T20 WC 2024 - NZ Vs PNG | කිවියන්ගේ නම්බුවට වැස්සෙන් බාධා

June 17, 2024 - 8:13 PM
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතර අද (17) පැවැත්වෙනවා.

එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තුබුණද මෙතෙක් කාසියේ වාසිය උරගා බැලීමටද අවස්ථාවක් හිමි වී නැහැ.

මේ තරගය ලෝක කුසලානයේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමේත් නවසීලන්ත කණ්ඩායමේත් අවසන් තරගය වන අතර ප්‍රභල නවසීලන්තය මෙවර පළමු වටයෙන්ම ඉවත්වන්නේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවටයි.

(lknews)