T20 WC 2024 | සුපිරි අටේ හෙට පැවැත්වෙන තරග මෙන්න

June 20, 2024 - 7:38 PM
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට අදාළ තරග 2ක් හෙට (21) පැවැත්වෙනවා.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ පළමු කාණ්ඩයෙන් ඔස්ට්‍රේලිය කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් හෙට උදෑසන 6.00ට ආරම්භ වනවා.

හෙට දිනයේ පැවැත්වෙන 2වන තරගය 2වන කාණ්ඩයෙන් එංගලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර හෙට රාත්‍රී 8.00ට පැවැත්වෙනවා.

(lknews)