ටාටා සමාගමෙන් ඇමරිකාවට තාවකාලික අපනයන තහනමක්
April 07, 2025 - 12:36 PM
Land Rover, Jaguar මෝටර් රථ ඇමරිකාවට අපනයනය කිරීම මාසයකට අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක බදු පැනවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
පසුගිය අප්‍රේල් දෙවැනිදා සිට සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක් බදු පැනවීමට ට්‍රම්ප් පියවර ගනු ලැබුවා.
එවන් පසුබිමක් තුළයි ඇමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර ඇත්තේ.
යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ ඇමෙරිකාවයි.
ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට එල්ල වන්නේ දැඩි බලපෑමක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එම බදු පැනවීමට සම්බන්ධ අවසන් තීරණයකට එළැඹෙන තෙක් මාසයක කාලයක් සඳහා ඇමෙරිකාවට ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට ටාටා සමාගම පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළා.
බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් ඇමෙරිකාවට අපනයනය කරන අතර ට්‍රම්ප් පැනවූ බදු බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලකරනු ඇති බව විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.
(lknews.lk)