භාණ්ඩ කිහිපයක බදු ඉහළට

February 21, 2024 - 11:57 AM
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙම ද්‍රව්‍ය ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත පමණයි සිදු කළ හැකි වන්නේ.

ඒ අනුව උඳු සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කව්පි, මුං ඇට, මෙනේරි සහ සියළුම වර්ග වල බීජ කුරක්කන් ආනයනයේ දී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 300ක් දක්වා ත් ඉහළ නංවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මෙම බදු ප්‍රතිශතයන් දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.
(lknews.lk)