චීන විද්‍යුත් වාහනවල බදු වැඩිවෙයි

July 05, 2024 - 12:03 PM
චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ, එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වාත් බදු පනවා ඇති අතර චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා 10%ක ආනයන බද්ද නොවෙනස්ව පවතින බව සඳහන්.

(lknews)