තේ පොහොර සහනාධාරය ඉහළට

July 30, 2024 - 10:10 AM
තේ වගාවට පොහොර යෙදීමට රජය ලබාදෙන රු. 2,000ක සහනාධාරය රු. 4,000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබා දුන් මුදල ප්‍රමාණවත් නොවන බැවින් එම සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සහනාධාරය සඳහා රු, බිලියන 02ක් වැය කෙරෙන අතර එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මඟින් ලබා දීමට සැළසුම් කර තිබෙනවා

(lknews)