තේ පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක්

April 08, 2024 - 3:56 PM
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ලෙස නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම කෘෂි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මීට පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජ වැලි නීතිගත සංස්ථාව හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනයේ සභාපති ලෙසද කටයුතු කර ඇති බව සඳහන් වනවා.

(lknews.lk)