ගුරුවරු හෙටත් පාරට බසියි

July 01, 2024 - 2:59 PM
සිය ඉල්ලීම්වලට හැකි ඉක්මනින් ප්‍රතිචාර ලබා දෙන ලෙස ඉල්ලා ගුරු-විදුහල්පති වෘර්තීය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැළසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එළඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘර්තීය සමිති රැස් කර ගුරු - විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බව ඔහුන් වැඩිදුරටත් සඳහන් කළා.  

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් ගුරු - විදුහල්පති වෘර්තීය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වනවා.

(lknews)