ගුරු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැරසෙයි

February 17, 2024 - 4:22 PM
ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත , පළාත් ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යාපන වෘත්තීය සමිති අතර ඊයේ (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කර තිබුණා.

පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා.
(lknews.lk)