උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාවේ ගාස්තු ගැන ගුරුවරු කනස්සල්ලෙන්

February 01, 2024 - 5:56 PM
අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන්ට ලබා දීමට නියමිත රුපියල් 2,000ක දීමනාව රජය විසින් නොගෙවීම හේතුවෙන් ගුරුවරුන් සේවයෙන් ඉවත්ව ඇති බව විදුහල්පති වෘත්තිය සමිති සංවිධානය පවසනවා.

එමෙන්ම මේ හේතුව නිසා උත්තර පත්‍ර පරික්ෂා කළ ගුරුවරු දැඩි ආර්ථික අර්බුදයකටද මුහුණ දී ඇති බව පුජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසා සිටියා.

දින කිහිපයක්ම මේ ගැන රජයට දැනුවත් කළත් ඒ පිළිබඳව කිසිදු තීරණයක් ලබා නොදුන් බව උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)