පිළිතුරු පත්‍ර ඇගයීම් වෙනුවෙන් දීමනා ගෙවා නොමැති බවට චෝදනා

December 29, 2023 - 11:17 AM
සාමාන්‍ය පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ගුරුවරුන්ගේ දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට වෘත්තීය සමිති චෝදනා කරනවා. 

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, මේ හේතුවෙන් ගුරුවරුන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවයි. 
 
2023 උසස් පෙළ විභාගය සඳහා ගුරුවරුන්ට ලබාදුන් ඇතැම් දීමනා ද කප්පාදු කර ඇති බව ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා. 
 
කෙසේවෙතත් විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා කියා සිටියේ විභාගවලට අදාළ සියලුම ගෙවීම් දෙසැම්බර් 31 වැනිදා වන විට ගුරුවරුන් වෙත ගෙවන බවයි. 
 
2023 උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණවත් තරම් ගුරුවරුන් පිරිසක් ඉල්ලුම් කර ඇති බවත්, ඔවුන්ගේ පත්වීම් ලිපිය භාරදීමේදී ගෙවීම් සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් ඔහු පැවසුවා.
(lknews.lk)