ඉන්දීය ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාර

February 21, 2024 - 5:25 PM
ෆෙඩරල් ආණ්ඩුවේ බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව විරෝධතා පාගමනක් පවත්වමින් සිටි ඉන්දීය ගොවීන් සිය පාගමන නැවත ආරම්භකර තිබෙනවා.

ඔවුන්ගේ අරමුණ දිල්ලි අගනුවරට පැමිණීමයි.
 
ගොවීන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ, තම නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් ලබාදිය යුතු බව පවසමින්.

ගොවීන් ගේ පැමිණීම වැළැක්වීම සඳහා දිල්ලි නගරයට පිවිසෙන මාර්ග සඳහා කටුකම්බි සහ වෙනත් බාධක යොදා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔවුන් බාධක පෙරළා ගෙන ඉදිරියට යන විට ඔවුන්ට එරෙහිව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
(lknews.lk)