පේරු රාජ්‍යයේ Teddy පොලිස් නිලධාරියා

February 15, 2024 - 2:53 PM
ඊයේ (14) ආදරවන්තයන්ගේ දිනයේදී Teddy Bear කෙනෙක් ලෙස සැරසී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කළ පොලිස් නිලධාරියෙකු පිළිබඳව පේරු රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස වලස් ඇඳුමකින් සැරසී මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ නිවසට ගොස් අදාළ පොලිස් නිලධාරිවරයා විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි.

මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය බෑගයක්‌ සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
(LKNEWS)