ටෙලිකොම් සේවකයින් අඛණ්ඩ වර්ජනයක

December 19, 2023 - 3:26 PM
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට විරෝධය පළ කරමින්.

වරප්‍රසාද සහ දීමනා නිසි පරිදි සිදු නොකරන ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කල යුතු බවයි වර්ජනයේ නිරත එම ආයතනයේ සේවකයින් පවසන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔවුන් මෙම ඉල්ලීම් සඳහා වර්ජනවල නිරත වුවද ඊට ස්ථිර විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.
(lknews.lk)