ව්‍යාජ සිම්පත් ගැන දැනුම්දීමක්

February 13, 2024 - 9:25 AM
තම ජාතික හැදුනුම්පත භාවිතා කරමින් ලියාපදිංචි කර ඇති සිම්පත් සම්බන්ධයෙන් පරික්ෂා කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ව්‍යාජ සිම්පත් භාවිතා කරමින් නිතර සිදුවන සමාජ විරෝධී ක්‍රියා සැළකිල්ලට ගෙන මෙම පරීක්ෂාව සිදු කරන ලෙස එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා මේනකා පතිරණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
(LKNEWS)