අද ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

March 04, 2024 - 12:48 PM
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේ දී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලටයි.

මේ පිළිබඳව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.

එමෙන්ම මෙම උණුසුම් කාලගුණය අප්‍රේල් මාසය මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)