හෙටත් ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

March 03, 2024 - 5:28 PM
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (04) දිනයේ දී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, වයඹ, බස්නාහිර සහ දකුණු, සබරගමුව පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලටයි.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.
(lknews.lk)