බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය ස්ථාන මාරු තාවකාලිකව නවත්වයි

March 19, 2024 - 9:23 AM
බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථාන මාරු අවිධිමත් ලෙස සිදුව ඇති බැවින්.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර වාර්ෂික ස්ථාන මාරු පමණක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළා.
(lknews.lk)