අද සිට සහල් තොග ආනයනයට ටෙන්ඩර් කැඳවයි

November 29, 2024 - 12:04 PM
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද (29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස පවසනවා.

එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කළේ ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවයි.

ඒ අනුව අධියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා.

එම සහල් උත්සව සමයට පෙර වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

ලක් සතොස අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය තොග වෙළඳසැල් හරහාද එම සහල් තොග බෙදා හැරීමට සැලසුම්කර ඇති බව ආචාර්ය සමිත පෙරේරා ප්‍රකාශ කළා.

(lknews.lk)