ලුණු ආනයනය සඳහා හෙට සිට ටෙන්ඩර් කැඳවයි

January 02, 2025 - 6:17 PM
ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින්.

ලුණු ආනයනය අදියර 2ක් යටතේ සිදු වන අතර එහි පළමු අදියර හෙටින් ආරම්භ වීමට නියමිතයි.

ආනයනය කරන ලුණු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෙදා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම මහජන පරිභෝජනය සඳහා ලුණු ලබා නොදෙන බවයි වාර්තා වන්නේ.

(lknews)