තෛපොංගල් දිනය අදයි

January 15, 2024 - 11:08 AM
සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සූර්යය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.

ලෝකවාසී හින්දු භක්තිකයින් සමඟ මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටිනවා.

මේ අතර තෛපොංගල් දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම සුරාසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

තෛයිපොංගල් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවුවන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, හින්දු ආගමික සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළා.
(lknews.lk)