96 වන ඔස්කා සම්මාන උළෙල ආරම්භ වෙයි

March 11, 2024 - 10:06 AM

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා.

හොඳම නිළිය සම්මානය Emma Stone දිනා ගත්තේ 'Poor Things' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

'Oppenheimer' චිත්‍රපටය වෙනුවෙන්  Murphy හොඳම නළුවා සම්මානය හිමි කර ගනු ලැබුවා.

එහිදී හොඳම සහය නිළිය ලෙස Da’Vine Joy Randolph , 'The holdovers'  චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගෙන තිබෙනවා.

හොඳම සහය නළුවා ලෙස Robert Downey Jr විසින් 'Oppenheimer' චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනාගත් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)