දේවාලවලට ලැබෙන වටිනා දෑ කපු මහත්වරුන්ට අයිති නැති බව කොමසාරිස් ජනරාල් කියයි

December 14, 2023 - 2:48 PM
රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසනවා.

ඒ අනුව දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් ඔහු සඳහන් කළා.

කොමසාරිස් ජනරාල්වරයා පැහැදිළි කරනු ලැබුවේ එලෙස පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවයි.

කතරගම මහා දේවාලයේ මුදල් හා රන් භාණ්ඩ ගැන මෙන්ම කපු මහතුන් සේවයට යොදා ගැනීමේ බලයද බස්නායක නිලමේවරයාට පැවැරෙන බවද සඳහන්.
(lknews.lk)