දයාසිරිගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

November 17, 2023 - 4:34 PM
තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සිදුකළ ඉල්ලීමක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරු මඬුල්ල මෙම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
(lknews.lk)