මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

December 30, 2024 - 10:40 AM
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය විසින්  මියන්මාර සරණාගතයන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා ඔවුන් හමු වීමට අවසර ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් පිරිසක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින සරණාගතයින් බැලීමට ගිය අවස්ථාවේදී ඔවුන් හමුවීමට ඉඩ දීමට නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කිරීම හේතුවෙන්.

අදාළ කඳවුරේ සිටින සරණාගතයින්ගෙන් 40දෙනෙක්ට වැඩි පිරිසක් කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබාදීමට පියවර ගැනීම සඳහා ඔවුන් හමු වීමට බාධාවකින් තොරව ඇතුල්වීමට සුදුසු සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසයි.

(lknews)