ප්‍රාණ ඇප කරුවන් දෙදෙනෙකු බේරා ගැනීමේ ඊශ්‍රායල මෙහෙයුම සාර්ථක වෙයි

February 12, 2024 - 4:19 PM

රෆා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු බේරාගත් බව ඊශ්‍රායලය පවසනවා.

එම පුද්ගලයින් දෙදෙනා යහපත්  සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව දකුණු ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරක යානා දැඩි ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් පලස්තීන වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)