කුරුණෑගල රුධිර කාන්දු ඒකකයට සීල් තියයි

February 24, 2024 - 9:42 AM
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයට තාවකාලිකව සීල් තබා ඇති බව වාර්තා වනවා.

ඒ, විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මරණයට පත් වීමෙන්.

රෝහලේ රසායනික නිලධාරීන් සැක කරන්නේ, රුධිර කාන්දුකරණය සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑමක් හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවයි.

රුධිර කාන්දුකරණ ඒකකයේ රෝගීන් මෙලෙස මිය යාම ගැන හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
(lknews.lk)