පොලිස් බලතල අත්හැර බලය බෙදන බව ජනපති කියයි

February 28, 2024 - 2:08 PM
පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, 'සංහිඳියාව සඳහා ආගම්' යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ 2024 අන්තර් ආගමික සමුළුවට එක්වෙමින්.

මෙම අන්තර් ආගමික සමුළුවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම තානාපතිවරුන්ද එක්ව සිටියා.
(lknews.lk)