ගොවි ගැටලු වලට ජනපති ප්‍රමුඛත්වය ලබා දෙයි

March 03, 2024 - 9:58 AM
යළි රට ගොඩ නැඟීමට අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, ගලමැටියාව ප්‍රදේශයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවකට එක්වෙමින්.

ඉදිරි වසර 10 තුළ විශාලතම කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම ඉන්දියාව සමඟ එක් ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)