ජනපති යළි දිවයිනට

December 05, 2023 - 11:32 AM

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින දිවයිනෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා විසින් එම සංචාරය තුළදී දේශගුණික විපර්යාස සමුළුව ඇමතූ අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබුවා.

සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වුවා.
(lknews.lk)