රතු මුහුදට ආරක්ෂාව නොදුන්නොත් ලංකාව අනතුරේ බව ජනපති කියයි

January 08, 2024 - 5:44 PM
රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මහා පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවයි.

ජනාධිපති මෙම අදහස් පළ කළේ ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි.

මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
(lknews.lk)