විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ජනපති පෙන්වයි

November 26, 2023 - 5:18 PM

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්දත් සමග ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවයි ඊයේ (25) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම ආර්ථික අර්බුදයේදී විපක්ෂය ආණ්ඩුවට සහාය ලබා දුන්නේ නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් එම අවස්ථාවට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද සාකච්ඡා කර ඇතැම් ප්‍රශ්නවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමටයි ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.
(lknews.lk)